ඊයේ (මාර්තු 10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට එම සමාගම විසින් තීරණය කර ඇති අතර, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් ඉහළ දමා එහි නව මිල රුපියල් 3,990 ක් ලෙස නියම කර තිබේ.
මීට සමගාමීව, කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් ඉහළ ගොස් එහි නව මිල රුපියල් 1,602 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56 කින් ඉහළ ගොස් එහි නව මිල රුපියල් 750 ක් ලෙසත් සංශෝධනය කර ඇති බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටියි.



