ඔබේ සිම්පතත්, මේ කියන කාලසීමාව තුළ ලබාගත් එකක්ද..?
එහෙනම් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි..
2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සියලුම සිම්පත් සඳහා පාරිභෝගික තොරතුරු යළි ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා.
2019 අගෝස්තු 02 දින ප්‍රකාශයට පත් කළ සිම්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි බලපැවැත්වූයේ ඉන් පසුව නිකුත් කළ සිම්පත් සඳහා පමණක් බැවින්, ඊට පෙර නිකුත් කළ බොහෝ සිම්පත්වල හිමිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු විදුලි සංදේශ සේවා සපයන්නන් සතුව නොමැති බව රජය පෙන්වා දෙනවා.
සිම්පත්වල හිමිකරුවන් පිළිබඳ නිසි තොරතුරු නොමැති වීම නීතිමය සහ අපරාධ විමර්ශන කටයුතුවලදී බරපතල බාධාවක් වී තිබෙනවා.
ව්‍යාජ හෝ අනවසර තොරතුරු මත ක්‍රියාත්මක වන සිම්පත් මගින් සිදුවන අයථා ක්‍රියා පාලනය කිරීම මෙහි අරමුණක්.
වයස අවුරුදු 16-17 අතර පසුවන්නන් සඳහා සිම්පත් ලියාපදිංචි කිරීම සහ විදේශිකයන්ට සිම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය මේ අනුව විධිමත් කෙරෙනු ඇති.
එබැවින් දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල - SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි යෝග්‍ය පරිදි සංශෝධනය කරමින් නව රෙගුලාසි හඳුන්වා දීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



