gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ තත්ත්වය හොද අතට!

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවන බව වාර්තා වේ. 

පසුගිය ජනවාරි 30 වැනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වය හමුවේ මුලින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කළ ඒ මහතාව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත මාරු කර යවන ලදී.

පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් තහවුරු කර ඇත්තේ රොහාන් ඕලුගල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවයි.

සංවිධානාත්මක අපරාධ මර්දනය සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකු වන ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා උසස් පොලිස් නිලධාරීන් රැසක් ද අවධානයෙන් පසුවන අතර, ඔහුට අවශ්‍ය සියලුම වෛද්‍ය පහසුකම් රජය මැදිහත්ව ලබා දී තිබේ.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka