gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගැසට්ටුව ආවොත් ස්විචය ඕෆ්! විදුලි බල මණ්ඩලයේ සේවකයින් වර්ජන මාවතට!

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ඈවර කිරීමේ දිනය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළහොත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට විදුලි බල වෘත්තීය සමිති සූදානම් වන බව වාර්තා වේ.

විදුලි බල වෘත්තීය සමිති 24ක නියෝජිතයින්ගේ අත්සනින් යුත් ලිපියක් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කරමින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ඉල්ලීම් 8ක් ඇතුළත් ලිපියක් පසුගිය ජනවාරි 12 වන දින ද අමාත්‍යවරයා වෙත යොමු කර තිබුණි. කෙසේවෙතත්, එම ඉල්ලීම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින්, ඊයේ (09) දිනයේ යළිත් ලිපියක් යොමු කරමින් සිය ස්ථාවරය දැනුම් දී ඇත.

අදාළ ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබාදීමට අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාම හැර වෙනත් විකල්පයක් සේවකයින්ට නොමැති බව එම ලිපියේ සඳහන් වේ. ඒ අනුව, ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ම එක්ව, CEB ඈවර කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කළහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් ඇතුළු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් දැනුම් දී ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka