gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ පරාජය ගැන සංගාගෙන් සටහනක්!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගය ලකුණු 51කින් පරාජයට පත්විය.

මෙම පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සිය ‘X’ ගිණුමේ සටහනක් තබා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැකගත හැකි වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් බවත් පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බව කුමාර් සංගක්කාර සඳහන් කරයි.

ක්‍රීඩාංගණයේ තණතිල්ලේ ස්වභාවය සහ තරගයේ පවතින තත්ත්වය නිවැරදිව වටහා ගැනීමට පිතිකරුවන් අපොහොසත් වු බවත් කමිල් මිෂාරගේ ක්‍රිඩා විලාසය එතරම් උසස් මට්ටමක නොතිබූ බවද කුමාර් සංගක්කාර සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka