gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හිටපු දේශපාලඥයින්ට ලබාදුන් ගිනිඅවි රැසක් අතුරුදන්!

විවිධ දේශපාලඥයින්ට පසුගිය කාලයේදී ගිනිඅවි නිකුත් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.

එම දේශපාලඥයින්ට නිකුත් කළ සමහර ඒවා දීපු තැනක්වත් හොයාගන්න නැති බවත් සමහර ගිනිඅවි සම්බන්ධ දත්ත වාර්තා කිසිවක් නැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස ගිනිඅවි ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බවත් 2024 වසරේදී ගිනිඅවි සමීක්ෂණයක් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම සමීක්ෂණයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවත් ගිනිඅවි සම්බන්ධයෙන් දැඩි නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අද (19) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka