gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇමැතිලා දෙන්නෙක්ගේ මූණු දාලා හොර වට්ස්ඇප් ගිණුම් හදන් සල්ලි ගරපු භික්ෂුවක් අල්ලයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් නිර්මාණය කර මුදල් රැස් කළ බවට චෝදනා එල්ල වී ඇති හිමිනමක් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර 21 හැවිරිදි භික්ෂුව මුරුතලාව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ළමුන් සඳහා පාසල් උපකරණ මිලදී ගැනීමට කරන ඉල්ලීම් ලෙසට වංචනික සකස් කළ ලිපි කිහිපයක් හිමිනම සතුව තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

එපමණක් නොව, මෙම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ නම්වලින් අත්සන් කර ඇති බව වාර්තා වේ.

විමර්ශන නිලධාරීන්ට අනුව, සැකකරු මුදල් ලබාගැනීමේ අරමුණින් මෙම ලිපි පෞද්ගලික ආයතන වෙත යොමු කර ඇත.

වැඩිදුර පරීක්ෂණ සිදු වෙමින් පවතී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka