gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පාකිස්තාන ක්‍රිකට් තරු පිරමිඩ වංචාවකට හසුවේ - මිලියන ගණනක මුදල් අහිමි වෙයි

බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ ෂහීන් ෂා අෆ්රිඩි ඇතුළු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් පිරිසක් මහා පරිමාණ 'පොන්සි' හෙවත් පිරමිඩාකාර මූල්‍ය වංචාවකට හසුවී ඇති බවට පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. 

මෙම වංචනික ආයෝජන ක්‍රමය හරහා ක්‍රීඩකයන්ට පාකිස්තාන රුපියල් මිලියන ගණනක අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව එම වාර්තා මඟින් අනාවරණය කර තිබේ.

අදාළ වාර්තාවලට අනුව ෆකාර් සමාන් සහ ෂඩාබ් ඛාන් ඇතුළු වත්මන් ක්‍රීඩකයන් දුසිමකට ආසන්න පිරිසක් දැනට රට හැර ගොස් සිටින පාකිස්තාන ජාතික ව්‍යාපාරිකයෙකුගේ මූල්‍ය ව්‍යාපෘතියක මෙලෙස මුදල් ආයෝජනය කර ඇත. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව ඔවුන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පැවසේ. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් හෝ අදාළ ක්‍රීඩකයන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka