gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බාල ගල් අගුරු නිසා විදුලි කප්පාදුවක අවදානමක්!

දැනට පවතින ගල් අඟුරු හිඟයට පිළියමක් ලෙස කැලණිතිස්ස බලාගාරයේ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවිය යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු ප්‍රධානීන් පිරිසක් පෙන්වා දෙති.

විශේෂයෙන්ම ඛනිජ තෙල් අතුරු නිෂ්පාදනයක් වන 'නැප්තා' (Naphtha) භාවිතයෙන් මෙම බලාගාරය උපරිම මට්ටමින් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් වහා මැදිහත් විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

නොරොචෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග සීමිත බැවින්, ඒවා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුය. එසේ නොවුවහොත් ඉදිරියේදී දැඩි විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවනු ඇත.

ගල් අඟුරු වලට සාපේක්ෂව නැප්තා මගින් විදුලිය නිපදවීමට වැයවන පිරිවැය තරමක් වැඩි වුවද, විදුලිය විසන්ධි කිරීමෙන් සිදුවන ආර්ථික හානියට වඩා එය වාසිදායක වේ.

දේශීය සැපයුම ප්‍රමාණවත් නොවන අවස්ථාවක, ගල් අඟුරු ගෙන්වීමට ගතවන කාලයට වඩා ඉතා වේගයෙන් නැප්තා විදේශයන්ගෙන් ලබාගැනීමේ හැකියාව පවතී.

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය මේ වන විට සිය පූර්ණ ශක්තියෙන් ක්‍රියාත්මක නොවන බව පවසන මෙම නිලධාරීන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම නැප්තා තොග විදුලි උත්පාදනය සඳහා කඩිනමින් යොදාගත යුතු බව අවධාරණය කරති.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka