gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිට පිංකම් ගෙදරකදී වටකරගෙන ගහලා!

මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති රුවන් කුමාර ගලපිටිය (ජාතික ජන බලවේගය) මහතාට සුදුහුම්පොල ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදී ඇති බව මහනුවර පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සුදුහුම්පොල ප්‍රදේශයේ පිංකම් ගෙදරකට ගිය අවස්ථාවක ඇතිවූ බහින් බස් වීමකින් පසු නියෝජ්‍ය පුරපතිවරයාට පිරිසක් පහරදී ඇති අතර සිද්ධිය පිළිබඳව නියෝජ්‍ය පුරපතිවරයා මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබෙන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය පුරපති වරයාට පහර දුන් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් කීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka