gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කෙසෙල්වත්තේ දනූෂව ඇල්ලුවේ ඔපරේෂන් එකකට ඉන්දියාවට ආපු වෙලාවේ - අපරාධ රැසක තොරතුරු එළියට එයි!

මිනිස් ඝාතන හා මං‍කොල්ල­කෑම් රැසක් සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට අව­ශ්‍යව සිටි කෙසෙ­ල්වත්තේ දනූෂ නමැති පාතා­ලයේ අප­රා­ධ­කරු ශල්‍ය­ක­ර්ම­යක් සඳහා ඩුබායි සිට ඉන්දි­යා­වට පැමිණ සිටි­යදී එරට පොලී­සි­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන මෙර­ටට පිටු­ව­හල් කර­ගැ­නී­මට හැකි­යාව ලැබී ඇත්තේ පොලි­ස්පති, නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය විසින් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා ඉන්දීය මහ­කො­ම­සා­රිස් කාර්යා­ල­යත්, ඉන්දීය ආර­ක්ෂක අංශත් සමඟ එක්ව කළ ඍජු සාක­ච්ඡා­වක ප්‍රති­ඵ­ල­යක් ලෙසය.

මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල සහ එම අමා­ත්‍යාං­ශයේ ලේකම්, විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙ‍ෙන­වි­රත්න ඊට අදාළ සම්බ­න්ධී­ක­ර­ණය පොලි­ස්ප­ති­ව­ර­යාට ලබාදී ඇත.

වයස අවු­රුදු 34ක් වන කොළඹ, කෙසෙ­ල්වත්තේ පදිං­චි­ක­රු­වෙක් වන දනූෂ නමැති මේ පාතාල ක්‍රියා­කරු කෙසෙ­ල්වත්ත හොල්ලා­ගෙන සිටි දිනුක නමැති පාතාල ප්‍රබ­ල­යාගේ ගෝල­යෙකි.

හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යෙක් වන රණ­සිංහ ප්‍රේම­දාසගේ සමී­ප­ත­ම­යෙක් වන කෙසෙ­ල්වත්‍තේ නීල් නමැ­ත්තාගේ පුතා වන දිනුක ඩුබා­යි­හිදී හෘද­යා­බා­ධ­ය­කින් 2021 මාර්තු මාස­යේදී මිය­ගි­යේය.

ඔහුගේ මර­ණ­යෙන් පසු දිනු­කගේ කල්ලි­යට නාය­ක­ත්වය දී ඇතැයි පැව­සෙන්නේ දනූෂ චතු­රංග නොහොත් කෙ‍ෙස­ල්වත්තේ දනූ­ෂය.

දිනුක ජීවත්ව සිටි­යදී ඔහුගේ කොන්ත්‍රාත් මත මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් රැසක් සිදු කර 2021දී ඔහු ඩුබායි බලා පළාගොස් ඇතැයි ද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

2015දී කෙ‍සෙල්ව­ත්තේදී තියුණු ආයු­ධ­ව­ලින් පහ­රදී පුද්ග­ල­යෙක් ඝාත­නය කිරීම, 2018දී කොට­හේ‍නේදී පුද්ග­ල­ය­කුට වෙඩි තබා ඝාත­නය කිරී­මට ආධාර හා අනු­බල දීම, 2021දී මට්ට­ක්කු­ලි­යේදී තියුණු ආයු­ධ­ව­ලින් පහ­රදී පුද්ග­ල­යෙක් ඝාත­නය කිරීම ඔහුට එරෙ­හිව ඇති මිනිස් ඝාතන චෝදනා බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි.

කෙසෙ­ල්වත්ත, වේල්ල­වී­දිය, බ්ලූමැ­න්ඩල් පොලිස් වස­ම්වල සිදු වූ කොල්ල­කැම් කිහි­ප­ය­කට මෙන්ම මත්කුඩු සන්ත­කයේ තබා­ගැ­නී­ම්ව­ලට පවා විටෙන් විට ඔහු පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කළේය.

2021දී කොට­හේ­නේදී ජීව අත්බෝ­ම්බ­යක් සමඟ ද ඔහු පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව ඇත.

ඒ සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇප ලබා පැමිණි පසු ඔහු රටින් පළාගොස් ඇති බව සඳ­හන්ය.

මේ අප­රා­ධ­කරු රටින් පළාගිය පසු ජාත්‍ය­න්තර පොලී­සි­යෙන් ඔහුට එරෙ­හිව රතු නිවේ­ද­න­යක් ද නිකුත් කර තිබී ඇත. මේ නිසාම ඔහු ඩුබායි සිට ඉන්දි­යා­වට ගොස් ඇත්තේ ව්‍යාජ ලෙස සකස් කර­ගෙන ඇති විදෙස් ගමන් බල­ප­ත්‍ර­ය­කිනි. මාස දෙකක පමණ කාල­යක් ඔහු ඉන්දි­යාවේ රැඳී සිට ඇති බව ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ පාතාල අප­රා­ධ­කරු ඩුබායි සිට ඉන්දි­යා­වට ගොස් සිටින බවට බුද්ධි අංශ­ව­ලින් බල­ධා­රීන් දැනු­වත් වීමත් සමඟ ඔහුව මෙර­ටට ගෙන්වා ගැනීමේ මෙහෙ­යුම පොලි­ස්ප­ති­ව­රයා විසින් ආරම්භ කර ඇති බව සඳ­හන්ය.

ඒ අනුව ඔහුව ඉන්දීය ආර­ක්ෂක අංශ විසින් අල්ලා මෙර­ටට පිටු­ව­හල් කිරී­මට කට­යුතු කර තිබේ.

එසේ පිටු­ව­හල් කළ මේ අප­රා­ධ­කරු පෙරේදා (24) ගුවන් මඟින් මෙර­ටට පැමිණි අව­ස්ථාවේ ගුව­න්තො­ටු­පො­ළේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඉදිරි විම­ර්ශන සඳහා කෙසෙ­ල්වත්ත පොලී­සි­යට භාරදී ඇත.(දිනමිණ)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka