ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ තවත් භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 02 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
මෙම නඩුව අද මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශන තවදුරටත් අවශ්‍ය බව පෙන්වා දීමින් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
අදාළ නඩුව පෙබරවාරි 02 වන දා නැවත කැඳවීමට නියමිත අතර, එදිනදී වැඩිදුර නියෝග නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.



