gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට පත් කරයි

ශ්‍රී ලංකා පොලීසියේ දක්ෂ නිලධාරියෙකු වන සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. 

මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා, සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් පවා මෙහෙයුම් මෙහෙයවූ නිලධාරියෙකි.

රොහාන් ඕලුගල මහතා මෑතකදී නේපාලයේ සැඟව සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිනියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුමට නායකත්වය ලබා දුන්නේය. 

වලාන දූෂණ මර්දන ඒකකය දිවයින පුරා සිදුවන මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී මත්පැන් සහ සූදු පිටි වැටලීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතම ඒකකයක් වන අතර, එහි පරිපාලන සහ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා මෙම නව පත්වීම සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka