gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වැලිගම සභාපති ඝාතනයට ආධාර දුන් අයෙක් අත්අඩංගුවට!

ඊයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සදහා ගිනි අවි ලබාදුන් සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව

වැලිගම, පැලෑන ප්‍රදේශයේ පදිංචි මුහුදු රළමත ලිස්සා යන ක්‍රීඩා පුහුණු කණ්ඩායමක් නායකයකු වශයෙන් කටයුතු කළ 32 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු සභාපතිවරයා ඝාතනය සදහා වෙඩික්කරුවන්ට ගිනි අවි සැපයූ සැකකරුවන්ට සැගව සිටීම සදහා පහසුකම් ලබාදීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිට ඇත තිබේ.

ඉකුත් ඔක්තෝබර් මස 22 දින වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ මහජන දිනය පැවැති දින වෙඩික්කරු සාමාන්‍ය පුද්ගලයකු ලෙස මුඛ ආවරණයක් පැළැද සභාපතිවරයාගේ කාර්යාලය තුළදී වෙඩි තබා ඝාතනය කර යතුරුපැදියකින් පලාගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka