gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රීවරියකට ලිංගික අතවර කරයි.. ‘අපි අනියම් පෙම්වතුන්’ සැකකරු අධිකරණයේදී!

ප්‍රාදේශීය දේශපාලඥවරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ ඇයගේ හිටපු පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ශරීර ඇප මත මුදා හැරීමට කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කළේය. 

මෙලෙස ඇප නියම වූයේ හමුදා කෝප්‍රල්වරයෙකු ලෙස සේවය කර ඇති බෝගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බෝගමුව පොලිසිය සඳහන් කළේ, සැකකරු අදාළ දේශපාලනඥවරියගේ නිවසට අනවසරයෙන් ඇතුළු වී ඇයට ලිංගික අතවර කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි. 

මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින්, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය. 

තම සේවාදායකයා සහ පැමිණිලිකාරිය අතර කලක සිට රහස් ප්‍රේම සබඳතාවක් පැවති බවත්, සිද්ධිය වූ දිනයේ ඔහු එම නිවසට ගොස් ඇත්තේ ඇයගේම ආරාධනයකට අනුව බවත් නීතිඥවරයා පැහැදිලි කළේය.

ඔවුන් දෙදෙනා නිවසේ රැඳී සිටින අතරතුර පැමිණිලිකාරියගේ ස්වාමිපුරුෂයා හදිසියේම එහි පැමිණ ඇති බවත්, එම අවස්ථාවේදී තමා නිර්දෝෂී බව සැමියාට පෙන්වීම සඳහා ඇය මෙම ලිංගික අතවර චෝදනාව අභූත ලෙස ගොතා ඇති බවත් විත්තියේ නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අධිකරණ තීන්දුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරු රිමාන්ඩ් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුව ඇප මත මුදා හැරීමට තීරණය කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka