ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මහනුවර කුරුඳුවත්තේදී පුද්ගලයකුට පහරදීමේ චෝදනාව එල්ල වී තිබේ.
ඊයේ රාත්‍රී 11ට පමණ තම ව්‍යාපාරික ස්ථානයේ සිට නිවසට යමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් තමාට පහරදුන් බවට ඔහු චෝදනා කර තිබේ.
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ තමාට බැණවැදී පසුව පහර දුන් බව ඔහු තවදුරටත් පවසා තිබේ.



