ඉදිරි දින කිහිපයේදී නැවත වරක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සුළි කුණාටුවක් ඇති වීමේ අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවැසීය.
ඉදිරි දෙසතියේදී ශ්‍රී ලංකාව ආශ්‍රිතව සුළි කුණාටු ඇතිවීමේ අවදානමක් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුර නිවැරදි නොවන බවද ඔහු කීය.
(සුජිත් හේවාජුලිගේ)



