gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍ය වාරණයකට ලෑස්ති වෙන්න එපා - එස්.එම්. මරික්කාර්

රටේ හතරවන ආණ්ඩුව ලෙස සැලකෙන මාධ්‍යය වාරණයකට සූදානම් වන්නට එපා යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී එස්.එම්. මරික්කාර් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"අයවැය කියන්නේ නොම්මර පෙන්වීමේ ඉලක්කයක් නොවේ.ඉලක්ක සපුරා ගැනීම සඳහා සිදුකරන කාර්යයක්.අද දවසේ කතා කරන අමාත්‍යාංශ තුනම තිබෙන්නේ යට්තල පහසුකම් සම්බන්ධයෙනුයි.යටිතල පහසුකම් සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීමට නම් කාර්යක්ෂමතාව,විනය සහ කැපවීම තිබිය යුතුයි.නමුත් 2025 වසරේ අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් දෙස බලද්දී මේ ඉලක්ක සපුරා ගන්නට බැරි වී තිබෙනවා.ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට වෙන් කරන ලද මුදලින් වැඩ කෙරිලා තියෙන්නේ සියයට 43ක් පමණයි.මේ අවුරුද්දේ වත් ඉලක්ක සපුරා ගනු ඇතැයි අප සිතනවා.

භාෂණයේ නිදහස කතා කිරීමේ නිදහස තිබෙන රටක්.සමහර මාධ්‍ය පෞද්ගලික  න්‍යාය පත්‍ර අනුව වැඩ කිරීමට අපත් විරුද්ධයි. නමුත් මේ රටේ හතරවන ආණ්ඩුව හැටියට තියෙන මාධ්‍ය වාරණයට යන්න නම් එපා යැයි අප ඉල්ලා සිටිනවා.මාධ්‍ය වාරණය කරලා කට වහල මේක කරන්නන බෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka