gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ. අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා පැවසීය.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මාළු ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කරන්දෙණිය සුද්දා' නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයාට මෙලෙස වෙඩි තබා ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka