gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් තරම් හොඳට කන්න දෙන ජාතියක් දකුණු ආසියාවේම නැහැ

මධ්‍යම හා දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සඳහා වූ සම්මානය (Best In Food and Beverage) 2026 වසර සඳහා වන ඇපෙක්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට හිමිව තිබේ.
එය ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයන ජාත්‍යන්තර මට්ටමේ විශේෂ සම්මානයකි. 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජාත්‍යන්තර හා දේශීය විවිධාංගික ආහාර මෙනුවේ උසස් ගුණාත්මකභාවය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා ඇත.

එමෙන්ම 2026 අපෙක්ස් සම්මාන උළෙලේ දී සිය ගුවන් සේවය තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස ශ්‍රේණිගත කර ඇති බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි. 

එය ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ වඩාත් ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලෙස සැලකේ.

මිලියනයකට අධික මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ඇපෙක්ස් සම්මාන ලබාදීම හා නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබයි.

ලොව පුරා රටවල් 61ක ගමනාන්ත 120කට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය මෙහෙයුම් සිදුකරන අතර සිය නවීන ගුවන් යානා සමගින් එම ගුවන් ඇනිය යුරෝපය, ඔස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දියානු උප මහද්වීපය, අග්නිදිග ආසියාව හා ඈත පෙරදිග ඔස්සේ ලොව ප්‍රධාන නගර ආවරණය කරනු ලබයි.

ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගමන් කරන මගීන්ට හිමිවන සුවිශේෂීම අත්දැකීමක් වන්නේ විශ්වසනීය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගත් උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍යවලින් සකස් කරන ලද ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාරපාන එකතුවයි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු සහ ඖෂධීය ගුණයෙන් අනූන හොඳම දේශීය කුළුබඩු භාවිත කරමින් පිළියෙල කරනු ලබන සාම්ප්‍රදායික ආහාර වර්ග අතරට සම්බෝල, කිරිබත්, අතුරු පස, කොත්තු, කිරි ටොෆි, පොල් ටොෆි, තල බෝල සහ බිබික්කන් වැනි රසවත් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික රසකැවිලි වර්ග මෙන්ම දේශීය බියර් වර්ග ඇතුළු සිය රුචිකත්වය අනුව තෝරාගැනීමට බොහෝ දේවල් ඇතුළත් වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka