gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගුවන් තොටුපලේ ඉඩ මදි නිසා මේ වසරේ සංචාරකයන් ලක්‍ෂ 30ක් ගේන්න බැරිවෙනවා..

කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තය පුළුල් කිරීම කටයුතු ප්‍රමාද වීම නිසා මේ වසරේ සංචාරක පැමිණීම් මිලියන 3 ක ඉලක්කයට ළඟා වීමට නොහැකි වනු ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

ගුවන් තොටුපල මෙම ගැටළුව හේතුවෙන් ගුවන් ගමන් වාර 30 සිට 40 ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වූ නිසා මෙම ඉලක්කය මගහැරුනු බවත් ඒ මහතා කියයි. 

නොවැම්බර් 17 වන දින 2025 වසරේ සංචාරක පැමිණීම් මිලියන 2ක කඩ ඉම පසු කළ බව පැවසු ඔමු 2024 වසරේ සංචාරක පැමිණීම් මිලියන 2 සීමාව පසු කළේ දෙසැම්බර් 26 වන දින බවත් පැවසීය. 

වසරේ ඉදිරි කාලය තුළ සංචාරකයින් 280,000 ක් පමණ දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වසරේ සංචාරක පැමිණීම් මිලියන තුනක ඉලක්කයට ළඟවීමට අපහසු වන්නේ සංචාරක ප්‍රවර්ධනයේ අඩුපාඩු හෝ වෙනත් කිසිදු ගැටළුවක් නිසා නොව ගුවන්තොටුපළ පුළුල් කිරීමේ කටයුත්ත අසාර්ථක වීම නිසා බවත් ඔහු අවධාරණය කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka