gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ට්‍රැක්ටරයකට යට වී 08 හැවිරිදි දරුවෙක් මිය යයි!

පොළොන්නරුව වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදී 08 වෙනිදා සවස ත්‍රීරෝද රථයකින් බැස පාර මාරුවීමට උත්සාහ දැරූ අවුරුදු අටක පිරිමි දරුවෙක් මහ ට්‍රැක්ටරයක ගැටී සිදුවූ අනතුරකින් රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. මෙම අනතුරින් මියගොස් ඇත්තේ වැලිකන්ද අසේලපුර මහවැලි නිවාස ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එච්.ඩී.මතීෂ කවිස්ක නැමැති අවුරුදු 08 දරුවෙකු බව පරික්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය පවසයි.
සිය පියා සමග අසේලපුර ප්‍රදේශයේ විදුලිසර වැදී මියගිය වන අලියා බලා ආපසු පැමිණ ත්‍රීරෝද රථයෙන් බැස පාර මාරු වන  අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව මියගොස් ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන පොලිසිය සඳහන් කරයි.

ඔහු වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයේ තුන වසරේ අධ්‍යාපන ලබන සිසුවෙකු වේ.

අනතුරට සම්බන්ධ මහ ට්‍රැක්ටර් රථය,හා අසේලපුර පදිංචි අවුරුදු 28 පමණ වයසති  ට්‍රැක්ටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka