මයික්‍රොසොෆ්ට් සමාගම සිය ‘Windows 10’ මෙහෙයුම් පද්ධතිය සඳහා ලබාදුන් ආරක්ෂක යාවත්කාලීන කිරීම අද (14) දිනයෙන් අවසන් කරන බව සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ සිට ‘Windows 10’ පරිගණකවල ආරක්ෂාව අවදානමකට ලක්විය හැකි බවත් මයික්‍රොසොෆ්ට් සමාගම Windows 11 පරිගණක නොමිලේ අප්ඩේට් කිරීමේ අවස්ථාව මේ වනවිට ලබාදී ඇත.
ලෝකයේ බිලියන 1.4කට අධික උපාංග ප්‍රමාණයක් Windows භාවිත කරන අතර ඉන් 43%ක් තවමත් Windows 10 භාවිතා කරන පුද්ගලයින් බව වාර්තා වේ.



