gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

සූර්යකුමාර්ගේ වයිරසය ඉන්දීය කාන්තාවන් අතර බෝ වෙයි!

අනිද්දා (05) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි.

අනිද්දා පැවැත්වෙන මෙම තරගට සහභාගී වීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (02) දිවයිනට පැමිණි අතර දෙරට අතර පවතින දේශපාලන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්ථාන ක්‍රීඩිකාවන්ට අතට අත නොදීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට උපදෙස් ලැබී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ක්‍රීඩිකාවන්ට සහ සහාය කාර්ය මණ්ඩලයට මෙම උපදෙස ලබා දී ඇති බවයි.

මහත්මාවරුන්ගේ ජීවගුණයට හානි කරන මෙම ක්‍රියාව, නිමා වූ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය අතර තුර ආරම්භ වුණේ ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ දී පාකිස්ථාන නායකයාට අතට අතදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ඒ අනුව මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද මෙම නුසුදුසු ක්‍රියාව ක්‍රිකට් පිටියට ගෙන ඒමට ඉන්දියාව යළිත් කටයුතු කර තිබීම බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka