gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් බස් ලලිත්ගේ පැටිකිරිය

පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, මහා පරිමාණ හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අපරාධ කල්ලි සමාජික ලලිත් කන්නංගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහි විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත්තේය.

මෙම විශේෂ මෙහෙයුම රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇත.

අත්අඩංගුවට ගත් ලලිත් කන්නංගර නොහොත් “බස් ලලිත්” දැනට මියගොස් සිටින අපරාධකරුවන් දෙදෙනෙකු වන සමයන් සහ ඌරු ජුවාගේ සමීපතමයෙක් වේ.

රවිඳු සංඛ ද සිල්වා හෙවත් “බූරුමූණා” නැමැත්තා ලවා 2022 වසරේ හංවැල්ලේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුත් ඝාතනය, 2023 වසරේ සැප්තැම්බර් (30) වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකයෙකුත් ඝාතනය කිරීම, 2023 වසරේදී මන්න රොෂාන් සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම බස් ලලිත්ට එල්ල වී ඇති චෝදනා වේ.

තවද, 2024 වසරේදී හංවැල්ල ප්‍රදේශයේදී වජිර නිශාන්ත නැමැත්තා සහ මීට පෙර ඝාතනය කළ මන්න රොෂාන්ගේ සොහොයුරෙකු ඝාතනය කිරීම, 2025 වසරේ අගෝස්තු (12) වැනිදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, 2025 වසරේ ජූලි (06) වැනිදා කොටහැර පොඩ්ඩා නැමැත්තා සහ දෙමටගොඩ රුවන් නැමැත්තා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම බස් ලලිත්ට එල්ල වී ඇති චෝදනායි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka