gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්ද සමග පින්තූරයට කොට්ටච්චි පොලිසි දුවන්න හදයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කාන්තාවක් ආචාර කරන ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාල වල තමන් යැයි හඟවෙල ලෙස සංසරණය වන්නේ යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.

එම ඡායාරූපය කිසියම් ආකාරයකින් සංස්කරණය ලද්දක් නම්  පිළිබඳව තමන් ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ ඒ පිළිබඳව ඇය විසින් තබා ඇති සටහන මෙසේය.

'සමාජ මාධ්‍යයෙහි සංසරණය වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ මා පෙනී සිටින ආකාරයේ දැක්වෙන ඡායාරූපයෙහි සිටින්නේ මා නොවන  බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නිල පිටුවෙහි සඳහන් එකී මංගල උත්සවයට මා සහභාගී නොවූ බවත්, එකී මංගල උත්සවයෙහි මා ආරාධිතයෙකු නොවන බවත් පාක්ෂිකයන් වෙනුවෙන් ලියා තබනෙමි.

යම් හෙයකින් මෙය සංස්කරණය  කරන ලද්දක් වේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද මෙයින් දන්වා සිටිමි'
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka