වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සංජය මහවත්තට එරෙහිව පවරන ලද නඩුවක් ඊයේ (27) කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැඳවනු ලැබූ අවස්ථාවේදී ප්‍රදීප් නිලංග දෑලගේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මගින් සංජය මහවත්තට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
එකී නියෝගය මගින්
ප්‍රදීප් නිලංග දෑලට සෘජුව හෝ වක්‍රව අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම හා මාධ්‍ය වල පළ කිරීම වලක්වා තිබේ.
ප්‍රදීප් නිලංග දෑල වෙනුවෙන් නීතීඥ පී.එස්. මධුෂානි මෙනෙවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග නීතිඥ චෙරාග් නිල්ගිරිය, නීතිඥ ලලිත් පියුම් පෙරේරා, නීතිඥ අසංක ජයරත්න පෙනී සිට ඇත.



