gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා - නි. ඇමති නාමල් කරුණාරත්න

මාලිමා රජය පත් කිරීම සඳහා ඡන්දය භාවිත කළ ඇතැම් පිරිස් මේ වන විට රජයෙන් ඈත් වෙමින් සිටින බවත් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදුණු තවත් පිරිස් රජයට එක්වෙමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

මහනුවරදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ආණ්ඩුව පිළිබඳව ඇති අනවබෝධය හේතුවෙන් සමහර පිරිස් ඒ ආකාරයෙන් රජයෙන් ඈත් වෙමින් සිටින බවත් තවත් පිරිස් ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒ ආකාරයෙන් රජයෙන් ඈත් වෙමින් සිටින බවයි.

පොදු අභිමතාර්ථයන් සමග රජය ගමන් කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 කෙසේ නමුත් රජය සමඟ සැකෙන් සිටි අය රජයේ වැඩ පිළිවෙළ පිළිබඳ පැහැදී එම පිරිස් රජය සමග එක්වෙමින් සිටින බවත් රජය පිළිබඳව පතුරුවා හැරි බොරු මතවාද පිළිගෙන බියවී සිටි පිරිස් රජයේ වැඩ පිළිවෙළ පිළිබඳව පැහැදීමක් ඇති කර ගනිමින් සිටින බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

මහනුවර දළදා මාලිගාවත් දළදා පෙරහරත් ඉවරයි කිව්අය පන්සල් පල්ලි ඉවරයි කිව්අය වාහන දෙකක් තිබෙනවා නම් එකක් රජයට ගන්නවා කිව්අය මහනුවර විසාලා මහනුවරක් වෙනවා කිව්අය පලි ගැනීම් වෙනවා කිව්අයගේ එම බොරු ප්‍රචාර පුස් වෙමින් තිබෙන බවද අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මිනිසුන් ඝාතනය කරමින් මෙය අමු කනත්තක් බවට පත්කරන බවට ද ඇතැම් පිරිස් ප්‍රචාරය කළත් මේ වන විට රජයේ වැඩපිළිවෙළ ඇත්ත ඇති සැටියෙන් සියලු දෙනාට දැක ගත හැකි වනු ඇති බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය හමුවේ කලින් මාලිමාවට ඡන්දය නොදුන් පිරිස් මාලිමා රජයත් සමග ගැට ගැසෙමින් තිබෙන බවත් ඡන්දය දුන් ජනතාව ඉහත සඳහන් කළ කරුණු මත ඈත් වෙමින් සිටින බවත් කවුරු කෙසේ පැවසුවද සැබෑ තත්ත්වය එයබවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

( ada | ෂේන් සෙනෙවිරත්න)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka