චීනයේ සිට දකුණු කොරියාව බලා පියාසර කළ Air China ගුවන් යානයක මගී ආසන වලට ඉහළින් ඇති කැබිනයක් තුළ තිබූ ලිතියම් බැටරියක් හදිසියේ ගිනිගෙන ඇත.
වහාම ක්‍රියාත්මක වූ ගුවන් යානා සේවකයින් ගින්න පාලනය කරගෙන තිබූ අතර මේ හේතුවෙන් ගුවන් යානය චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකර ඇත.
නැගෙනහිර චීනයේ නගරයක් වන හැංෂු සිට දකුණු කොරියාවේ සෝල් අසල පිහිටි ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා වූ දෛනික ගුවන් ගමනක CA139 දරන ගුවන් යානය තුළ අඳාළ ගින්න හටගෙන ඇත.
Air China ගුවන්යානයක් තුළ තිබූ ලිතියම් බැටරියක් හදිසියේ ගිනිගනී!
ගුවන්යානය ෂැංහයි ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩ බස්සවයි…



