gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බිරියගේ පෙර විවාහයේ 14 වියැති දියණියට බරපතල ලිංගික අතරවයක් කළ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට.

මිදෙණිය කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි බාල  වයස්කාර දැරියකට ලිංගික අතවර කළ   යුද හමුදා සෙබළෙකු මිදෙණිය පොලිසිය විසින් ඊයේ (21 )රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැමුණු හේවා බලකායට අනුයුක්තව අරලගංවිල ධම්මින්න යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන 33 හැවිරිදි යුද හමුදා සෙබළෙකි.

පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලද පණිවිඩයකට අනුව පොලිසිය විසින් සැකකරුවත් අඩංගුවට ගෙන තිබේ.

සැකකාර යුද හමුදා සෙබළා 2025.10.12 දින නිවාඩු ලබා පැමිණ 2025.10.22 වන දින යළි සේවයට වාර්තා කිරීමට නියමිතව තිබී ඇත. සිද්ධියට අදාලව සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු අගතියට පත් දැරියගේ මවගේ දෙවන විවාහයේ සැමියා වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීන් නිපුණ දෙහිගමගේ උපදෙස් පරිදි මිද්දෙණිය  පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
අත් අඩංගුවට පත් සැකකරු වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-සූරියවැව  නුවන් ජයසේකර
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka