2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (04) දින නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
2025 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු (10) වනදා පැවැත්වු අතර දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී සිසුන් තුන් ලක්ෂ හත්දහස් නවසිය පනස් එකක් විභාගයට පෙනී සිටියේය.