gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසරේ පළමු මාස 07ට ඩො.මිලියන 607ක සෘජු විදෙස් ආයෝජන ලංකාවට ලැබෙයි

මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7දී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා  ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 614 ක් බවත් වත්මන් ප්‍රවණතාව අනුව මෙම වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබෙනු ඇතැයි බලාපරොත්තු වන බවත් හේරත් මහතා පැවැසුවේය. පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය  නිල වශයෙන් පසු කළ බව ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය ජූලි මාසය අවසන් වනවිට ව්‍යාපෘති 63 ක් සඳහා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් ඉන් ව්‍යාපෘති 34 නව ව්‍යාපෘති බවත් ඉතිරි ව්‍යාපෘති 29 මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම් බවත් ඔහු සඳහන් කළේය. අනුමැතිය ලබාදුන් ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 776ක් බවත් ඉන් ඩොලර් මිලියන 500 සෘජු විදෙස් ආයෝජන බවත් ඉතිරි ඩොලර් මිලියන 276 දේශීය ආයෝජන බවත් හේරත් මහතා පැවැසුවේය.

එසේම මෙම වසරේ ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති හරහා නව රැකියා 956 ඇතිකර තිබෙන බවත් ආයෝජන මණ්ඩලයේ සමාගම් මෙම වසරේ පළමු මාස 7 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.56 ක පනයන සිදුකර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන කලාප 7 ඇති කිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත් ඉන් ආයෝජන කාලප 2 ක් මෙම වසරේදී ඇති කිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසුවේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka