SupremeSAT ආයතනය විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද‍්‍රිකාව සාර්ථකව කක්ෂගත කර ඇති බවත්, එය අදටත් අංශක 87.5 නැගෙනහිර දෙසින් වූ නියමිත ස්ථානයේම පවතින බවත් තහවුරු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, SupremeSAT චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කළ බවටත්, ඒ සඳහා කිසිදු රජයේ මුදලක් යොදා නොගත් බවටත් වන කරුණ ප්‍රසිද්ධියේ පිළිගැනීම පිළිබඳව තමන් සතුටු වන බවයි.
“අපගේ සමාගමේ ගිණුම් පිළිබඳව, අපගේ සහභාගීත්වයෙන් තොරව සිදුකරන සාකච්ඡා නුසුදුසු මෙන්ම නොමඟ යවන සුළුයි. විශේෂයෙන්ම එවැනි සංකීර්ණ, ගෝලීය වශයෙන් ඒකාබද්ධ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ මෙහෙයුම් පිළිබඳ දැනුම නොමැති පුද්ගලයන් විසින් එය සිදු කරන විට, එය වඩාත් බරපතළ වේ.” යනුවෙන් SupremeSAT වැඩිදුරටත් සඳහන් කරයි.
එම සමාගම පවසන්නේ, ඔවුන් විසින් කොන්ත්‍රාත්, නියාමන සහ තාක්ෂණික බැඳීම්වලට යටත්ව කටයුතු කරන බවත්, ඔවුන්ගේ මෙහෙයුම්, ප්‍රමුඛ පෙළේ ගෝලීය චන්ද්‍රිකා ක්‍රියාකරුවන්ගේ භාවිතාවන්ට අනුකූලව, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල වන බවත්, එම ප්‍රමිතීන්ට වඩා ඉහළ මට්ටමක පවතින බවත්ය.
“පදනම් විරහිත ප්‍රකාශයන් අපට බලපෑමක් නොකරන අතර, අපගේ කාර්යයන් අඛණ්ඩව වැරදි ලෙස නිරූපණය කිරීම සම්බන්ධයෙන් අපගේ අප්‍රසාදය පළ කර සිටිනවා. SupremeSAT අපගේ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමටත්, අපගේ කැපවීම් ඉටු කිරීමටත්, අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ විශ්වාසනීය, ලෝක මට්ටමේ ක්‍රියාකරුවෙකු ලෙස අපගේ කීර්තිය ආරක්ෂා කිරීමටත් අවධානය යොමු කරනු ඇති.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
වසර 13කට පසු ජනතාව විසින් සත්‍ය පිළිගැනීම අගය කරන බව ද එහි සභාපති ආර්.එම්. මනිවන්නන් එම නිවේදනය මගින් ප්‍රකාශ කරයි.
තවද, “අපගේ සමාගම, එහි ඉතිහාසය සහ මෙහෙයුම් පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා, සියලුම පාර්ශ්වයන්ට www.supremesat.com වෙබ් අඩවියට පිවිසෙන ලෙස අපි දිරිමත් කරනවා.” යනුවෙන් ද එම නිවේදනය අවසන් වේ.