අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000/-ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර කළේය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන (29) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.



