හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීම සඳහා අද (26) දිනයේත් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.
ඒ අනුව, අද උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝහලට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම, කබීර් හෂීම්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක්ද පැමිණ ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.