gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මල්වතු මහ නාහිමිට නඩු දමයි!

සිහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නමැති නිකායේ මහා නායක හිමි ලෙස නම් කර සිටින බදුල්ල ගම්මන සුමනසාර හිමියන් ඇතුළු එම නිකායේ හිමිවරුන් සම්බන්ධයෙන් සිදු කර ඇති අපහාසාත්මක ප්‍රකාශ වලට වන්දි ඉල්ලා මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම නිකාය සඳහන් කරයි.

ස්වාධීන බෞද්ධ සංවිධානයක් ලෙස ගොඩනැගෙන සිය නිකාය පිළිබඳ තීරණ ගැනීමට වෙනත් නිකායික භික්ෂුන් වහන්සේට නීතිමය අවසරයක් නැති බව එම නිවේදනය මඟින් පවසන සුමනසාර හිමියන් මෙයින් ප්‍රබල මානව හිමිකම් කඩවීමක් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 08 වැනිදා අරඹන එක්සත් ජාතීන්ගේ 60 වැනි මානව හිමිකම් සැසියේදී සිය භික්ෂුන් වහන්සේ කණ්ඩායමක් ඉදිරිපත් වී කරුණු දැක්වීමට ද බලාපොරොත්තු වන බවත් එම නිකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ආඬියාගල බෝමළුව හෙළගම සී හෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකායේ මහ නායක බදුල්ල ගම්මන සුමනසාර හිමි විසින් මල්වතු මහ නායක හිමියන් ඇතුළු පස් දෙනෙක් වෙත මෙම චින්තර වාසිය නිකුත් කිරීමට තමන්ට උපදෙස් දී ඇති බව එම නිකාය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා දන්වා ඇත.

ඒ අනුව බදුල්ල ගම්මන සුමනසාර හිමියන් සම්බන්ධව සාවද්‍ය හා අපහාසාත්මක කරුණු ඇතුළත් ප්‍රකාශ නිකුත් කර එම හිමියන්ගේ කීර්ති නාමයට දැඩි අගතියක් හා අලාභයක් සිදුකර ඇති බැවින් එම හානිපූරණය වෙනුවෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා එම නිකාය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් වෙත එන්තර වාසියක් යවා තිබේ.

එමෙන්ම බදුල්ල ගමන සුමනසාර හිමියන්ට අපහාස කරන ලදැයි කියමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පහමුණේ සුමංගල හිමියන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක්ද එම ප්‍රවෘත්ති පළ කළ බව කියන බෞද්ධයා නාළිකාවෙන් රුපියල් මිලියන 1000ක වන්දියක්ද කර්ම යූ ටියුබ් නාළිකාව පවත්වාගෙන යන පූජ්‍ය ගලගම කුසල ධම්ම හිමියන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක්ද, කර්ම යූ ටියුබ් නාළිකාව හා එක්ව වැඩ සටහනක් කළ බව කියන සෙවනගල සුසිත හිමියන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක්ද ඉල්ලා චින්තරවාසි යොමු කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka