gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් මේ වන තෙක් වරදකරුවෙක් නොවේ - ලාල් කාන්ත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තෙක් වරදකරුවෙන් නොවන බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට මහජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ 26 වන දිනට කුමක් සිදුවනු ඇත්ද යන්න පිළිබඳව බවයි. එළඹෙන 26 වන දිනට අදාළව ඇප ලබා දී නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාම, ඇප නොදී අදාළ කටයුත්ත විභාගයට භාජනය කිරීම ලෙස සිදුවිය හැකි කරුණු දෙකක් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

තමන් මෙම නීතිමය කටයුතුවලට මැදිහත් නොවන බවත්, එසේ මැදිහත් වීම නුසුදුසු සහ වැරදි ක්‍රියාවක් බවත්ය. තවද, මෙම කාරණය සාකච්ඡාවට ගැනීම පවා මේ මොහොතේ සුදුසු නොවන බව ඔහු පවසයි.

ඇතැම් පාර්ශවයන් විසින් “නඩු තීන්දුව ලියා ඇත්තේ පැලවත්තේ කාර්යාලයේ” ලෙස ප්‍රකාශ කරමින් කටයුතු කරන බවත් එවැනි ප්‍රකාශයක් සිදුකළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වුවහොත් හෝ යමෙකු පැමිණිලි කළහොත්, එම පුද්ගලයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්‍රියාත්මක විය හැකි බව ඔහු අනතුරු අඟවයි.

ඒනිසා විරෝධතකරැවන්ට අමාත්‍යවරයා පවසන්නේ “පෙර මෙන් වගකීම් විරහිතව ප්‍රකාශ නොකරන ලෙසයි.”

වර්තමානයේ නීතිය ක්‍රියාත්මක වන පාලනයක් තිබෙන බැවින්, වගකිවයුතු පුරවැසියන් ලෙස තමන්ගේ ප්‍රකාශයන් පිළිබඳව හොඳින් සිතා බලා කටයුතු කිරීමේ වැදගත්කම ඔහු සඳහන් කරයි.

එවැනි වගකිවයුතු ක්‍රියාකලාපයක් අප සමාජයට යහපත් ලක්ෂණයක් වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka