gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක් කටා ට අලුත් නඩුවක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලායමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ මෙම නඩුව ඊයේ  (05) කැඳවනු ලැබීය.

ඉන් අනතුරුව එම නඩුවට අදාළව විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සිදුවිය.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිදු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර තිබේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අදාළ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණී.

ඉන්පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමටද අධිකරණය නියම කෙරිණි.

ඉන් අනතුරුව නඩුව යළිත් සැප්තැම්බර් මස 24 වන දා කැඳවීමට ද අධිකරණය නියම කළේය.

මෙම සිද්ධියට අදාළව මීට පෙර නීතිපතිවරයා විසින් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර එම චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ ඉල්ලීමක් ද සිදු කළේය.

එම නඩුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාදීකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර තිබෙන බැවින් එම අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට විත්තිකරුවන් කටයුතු කරන්නේ නම් සම්බන්ධයෙන් නියෝගයක් ලබා දිය හැකි බව මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේය.

ඒ අනුව අදාළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීම සඳහා මෝෂන් පත්‍රයක් තමන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන බව විත්තියේ නීතිඥවරු දැනුම් දුන්හ.

ඉන් අනතුරුව එම කටයුතුවල ප්‍රගතිය මීළඟ නඩු දිනයේ දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා පාර්ශව කරුවන්ට නියම කෙරිණි.

මූලාශ්‍රය – දිනමිණ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka