gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජම්බු ගහෙන් වැටෙන්න ගිය 62 හැවිරිදි කතක් යන්තමින් බේරෙයි

මොනරාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වැඳිකුඹුර කවුඩාව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් ඊයේ (25) මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජම්බු ගසකට නැගී අස්වැසුම ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වී තිබේ.

ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් ස්වාමිපුරුෂයා මියගිය බොහෝ දුෂ්කරතා මැද ජීවත්වන තමාට අස්වැසුම ආධාර ලබාදීමට නිර්දේශ කර නොමැති බැවින් කඩිනමින් තමාට අස්වැසුම සහනාධාර මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇය මෙලෙස විරෝධතාවය පළ කර තිබේ.

පසුව මොනරාගල ප්‍රාදේශීය ලේකම් චතුර සමරසේකර මහතා එම ස්ථානයට ගොස් අස්වැසුම ලබා දෙන්නේ අස්වැසුම සුබ සාධක මණ්ඩලය මගින් බැවින් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස ඇයට පහදා දී ඇතත් අදාල කාන්තාව ගසින් බැසීම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවෙතත් පසුව අදාල වයෝවෘද්ධ කාන්තාව ගසින් ඇද වැටීමට යෑම හේතුවෙන් ඇයගේ ආරක්ෂාව පතා පොලීසිය කැඳවා තිබේ.

පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඇය ගසින් බස්සවා අභියාචනා කිරීමෙන් පසු අස්වැසුම ලබාදෙන බවට ලිඛිතව පොරොන්දුවක් දෙන ලදී. ඒ අනුව ඇය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් පිටත්කර හැර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka