gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදාගේ විදිහට කළොත් ජනාධිපති අනුරට : උතුරු කොරියාවේ කිම් ජොන් උන් වෙන්න පුළුවන් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණියහොත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිත බවට යූටියුබ්කරුවෙකු වන සුදත්ත තිලකසිරි සිදුකළ ප්‍රකාශය, දේශපාලන පළිගැනීමක කුමන්ත්‍රණයක් බව නීතීඥ නාමල් රාජපක්ෂ චෝදනා කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පවසන්නේ
සුදත්ත තිලකසිරි ගේ මෙම ප්‍රකාශය “තරයේ හෙළා දකින” බවත්, එයින් ඔහු “මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා අභ්‍යන්තර කවයේ ඉන්නා බව” ඇඟවීමට උත්සාහ කරන බවත්ය.

එසේම ඒ මහතා පෙන්වා දෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා වැනි සිව් වරක් අගමැති ධුරය දැරූ, රටක් ව්‍යසනයෙන් ගොඩගත් පුද්ගලයෙකු අධිකරණයට කැඳවා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ නම්, එය 1997 අංක 30 දරන ඇප පනතේ මූලික මූලධර්මවලට පටහැනි බවයි. “ඇප දීම රීතිය වන අතර ඇප නොදීම ව්‍යතිරේකය” බවට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අතීතයේදී පෙන්වා දුන් කරුණ මෙහිදී ඔහු සිහිපත් කර ඇත.

තවදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, වික්‍රමසිංහ මහතාට ඇප නොදී රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ නම් එය සුදත්ත තිලකසිරි, ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායමක් එක්ව සිදු කරන ලද දේශපාලන පළිගැනීමක් බවය. සුදත්ත තිලකසිරි මෙම කරුණ මෙතරම් විශ්වාසයෙන් ප්‍රකාශ කරන්නේ එම දේශපාලන කුමන්ත්‍රණයේ ඔහු ද කොටසක් බව එයින් ගම්‍ය වන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙවැනි සිදුවීම් සිදුවුවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය රුසියාවේ ස්ටාලින්ගේ හෝ උතුරු කොරියාවේ පාලනයකට සමාන කළ හැකි බවට නාමල් රාජපක්ෂ මහතා සිය සටහන අවසන් කර ඇත.

නීතීඥ නාමල් රාජපක්‍ෂ සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහන පහත දැක්වෙයි .
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka