gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනතුරකින් නීතීඥයෙකු මියයාමෙන් පසු රියදුරුට යොමුවූ ඝාතන චෝදනාව රිවස් කරයි

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් සැකකරුවෙකු මිනීමැරුම් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් අභියාචනාධිකරණය විසින් බලරහිත කර තිබේ. සිද්ධියේ තොරතුරු පරීක්ෂා කිරීමේදී, එය මිනීමැරුමකට වඩා මෝටර් රථ වාහන පනත යටතේ වර්ගීකරණය කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

පසුගිය අප්‍රේල් මස 6 වන දින සිදු වූ මෙම අනතුරින් පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි නීතිඥ බුද්ධදේව ගුණරත්න මහතා ජීවිතක්ෂයට පත්විය.

මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට හෙළිවූ සැකකාර ව්‍යාපාරිකයා පැදවූ වාහනය, නීතිඥවරයාගේ වාහනයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි.

අනතුරෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් පළමුව ඇප ලබා දී තිබිණි. එහෙත්, පසුව අගතියට පත් පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මෝසමක් සහ සාක්ෂි සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එය මිනීමැරුමක් බවට සැකකිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට වූ තර්කය පිළිගෙන සැකකරුව මිනීමැරුම් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සැකකරු විසින් ගොනුකළ ප්‍රතිශෝධන අයදුම්පතක් සලකා බැලූ ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම වරද මෝටර් රථ වාහන පනත යටතේ හෝ මිනීමැරුමක් යටතේ වර්ගීකරණය කරන්නේද යන්න මහේස්ත්‍රාත්වරයා නිසි ලෙස තක්සේරු කර නොමැති බවට තීන්දු කළේය.

ඒ අනුව, දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් ලංකා එදිරිසිංහ නැමැති සැකකාර ව්‍යාපාරිකයාව, පෙර නියම කළ ඇප කොන්දේසි මතම මුදා හරින ලෙසත්, වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා නඩු වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසත් අභියාචනාධිකරණය මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka