ශ්‍රී ලාංකික අපි දියුණු ජාතියක් වීමට නම් සමපේක්ෂතාව (speculation) ඉගෙන ගත යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් තම සැලසුම් සකස් කරන්නේ ඉදිරි වසර පනහක් හැටක් පමණ ඉලක්ක කරගෙන බවයි.
නමුත් අපේ රටේ එලෙස ඉදිරිය ඉලක්ක කරගනිමින් වැඩ කර නොමැති බවත් වැඩ කරන්නට කිසියම් පාලක පක්ෂයක් උත්සාහ කරන විට එය උපහාසයට ලක් කරණ බව ද හෙතෙම අවධාරණය කළේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2048 දී අපේ රට සියලු ණය බරින් නිදහස් දියුණු රටක් බවට පත් කරන බව පැවසූ මොහොතේ එය විහිළුවට ලක් කිරීම ඊට කදිම උදාහරණයක් බව ද ඔහු පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)