gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෂාරුක් ඛාන්ව බලන්න ටිකට් විකුණන්නේ නැහැ

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ටිකට් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

City of Dreams Sri Lanka සංවිධායකයින් පවසන්නේ, 2025 අගෝස්තු 2 වන දින පැවැත්වෙන මෙම උත්සවය සඳහා ඇතැම් පාර්ශව විසින් ව්‍යාජ ටිකට් පත් නිකුත් කරන බව නිරීක්ෂණයට ලක්ව ඇති බවය.

මෙම උත්සවය ආරාධිතයින්ට පමණක් සීමා වූවක් බවත් කිසිදු තෙවන පාර්ශවයකට ටිකට්පත් නිකුත් කිරීමට, බෙදා හැරීමට හෝ විකිණීමට අවසර නොමැති බවත් එහි සංවිධායකයින් අවධාරණය කරයි

ඔවුන් තවදුරටත් පවසන්නේ, නිල නොවන මූලාශ්‍ර මඟින් මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමෙන් වළකින ලෙසය.

එමෙන්ම, කිසියම් ගැටලුවක් ඇත් නම් City of Dreams Sri Lanka නිල සන්නිවේදන මාර්ග හරහා ඔවුන් සම්බන්ධ කර ගන්නා ලෙසද සංවිධායකයින් දැනුම් දෙයි

City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව පසුගියදා නිල වශයෙන් නිවේදනය  කලේය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka