gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රිලා සංගණනයට පසු ඇමති නාමල් ගව ශුක්‍රානු වඩි ආනයනයට…!

කිරි හරක් වෙනුවට තත්ත්වයෙන් උසස් ගව ශුක්‍රාණු ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි. විශේෂයෙන්ම ආනයනික ලිංග නිර්ණය කළ ශුක්‍ර වඩි ආනයනය කර ඒ තුළ ඉතා දියුණු සත්තු 15000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමේ සැලැස්මක් මේ වන විට සකසා තිබෙන බව නියෝජ්‍ය ඇමතිවරයා අනාවරණය කරයි.

ජාතික පශු සම්පත් සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ නාමල් කරුණාරත්න තවදුරටත් කියා සිටියේ කිරි සහ කිරි ආශ්‍රිතව නිෂ්පාදන ආනයනය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් රටෙන් පිටට යන බවත් මෙම නව වැඩපිළිවෙළ සමග එය අඩු කර ගත හැකි බවත්ය.

දියුණු සතුන්ගේ ශුක්‍රාණු අපේ රටට ගෙනැවිත් අපේ රටට උචිත ආකාරයට මේ කර්මාන්තය දියුණු කිරීම සඳහා කටයුතු කරන බව ද නි. ඇමතිවරයා වැඩි දුරටත් කීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka