රජයේ ඉලක්ක කඩිනමින් සාක්ෂාත් කර ගැනීමට නිලධාරීවාදය බාධාවක් වී ඇති බවත් වැඩක් කර ගැනීමට නිලධාරීන් තල්ලු කිරීමට සිදුව ඇති බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
ඩේලි මිරර් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපේක්ෂිත වේගයෙන් කටයුතු කිරීමට නොහැකි වී ඇති බවත්, එය තම අමාත්‍යාංශයට ද පොදු ගැටලුවක් බවත්ය.
නීති රීති නිසි ලෙස අනුගමනය කළේ නම් බොහෝ ගැටලු මඟහරවා ගත හැකිව තිබූ බවත් ගැටලු මතුවුවහොත් තමන් විසින් පත්කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට රජය පසුබට නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.