gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන පැය 24 ම සෝදිසියෙන් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශය පැය විසිහතර පුරාම දැඩි විමසිල්ලෙන් පසුවන බව එම අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගැන පසුගිය ජුනි 19 වැනිදා පළ වූ පුවතට පැහැදිලි කිරීමක් එවමින් විදේශ අමාත්‍යාංශය මෙසේ පවසයි.

එහි මෙසේ ද සඳහන් වේ.

දිවයින පුවත්පතේ 2025 ජුනි මස 19 වැනිදා බ්‍රහස්පතින්දා දින ‘තානාපති ලෙස ගිහින් මාස හතරෙන් ආපහු එන්න කිව්වා: ටෙහෙරාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැන් කවුරුවත් නෑ’ යන ශීර්ෂය යටතේ චතුර පමුණුව මහතා විසින් පළ කරන ලද ලිපියට අදාළව කරුණු පැහැදිලි කරදීමක් ලෙස මෙම ලිපිය ඔබගේ කාරුණික අවධානයට යොමු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඈ) උප ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට තානාපතිවරයන්, මහ කොමසාරිස්වරයන් පත්කිරීමට සහ ඔවුන්ට බලතල පැවරීමට බලය ඇති බව දක්වා ඇත.

ඒ අනුව විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය සහ මහ කොමසාරිස් කාර්යාලය සඳහා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්ව පත් කිරීම රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රජයේ ප්‍රතිපත්ති මත සිදුවන්නකි. වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිය මත පදනම් වෙමින් වර්තමාන ආණ්ඩුව විසින් පැවති ආණ්ඩුව යටතේ සිදුකරන ලද ඇතැම් දේශපාලනික පත්කිරීම් අවලංගු කර එම තානාපති නිලධාරීන්ව නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා ලදී. මේ යටතේ ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පසුගිය අගෝස්තු මාසයේදී පත් කරන ලද එන්. එම්. සහීඩ් මහතාව ද එම ධුරයෙන් ඉවත් කර නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා ලදී.

එසේ වුවද ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින සියලුම කාර්යමණ්ඩල නිලධාරීන් අප අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සමග පැය 24 පුරාම ඍජුව සම්බන්ධ වෙමින් ක්‍රියා කරනු ලැබේ. එසේම ඔවුන් ඉරානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරයි.

එසේම ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව පහත දැක්වෙන ලිපිනයෙහි ස්ථානගතකොට ඇත.

ලිපිනය : අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකථන අංක : +989392055161/ +989912057522/+989366360260

විද්‍යුත් තැපැල් ලිපිනය : ciaboc-gen@ciaboc.gov.lk
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka