gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක් කටාගෙන් අල්ලස් කොමිසමට ප්‍රකාශයක්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැති විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසමට පහසුකම් සලසා දෙන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ  (09දා) ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට නියම කළේය.

හරක් කටා සම්බන්ධ නඩුකරයක් අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකාර නඳුන් චින්තක හෙවත් හරක් කටා නමත්තාගෙන් එම කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළේය.

ඒ අනුව එම කොමිසම නිලධාරීන්ට විත්තිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පහසුකම් සලසන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අදාළ විත්තිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පහසුකම් සලසන ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට නියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka