ඉන්දීය රජය ඊයේ (26) පස්වරුවේ ප්‍රකාශ නිකුත්කරමින් සඳහන් කළේ ජුනි 12 වන දින සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් සොයා ගන්නා ලද කළු පෙට්ටිවල තොරතුරු සාර්ථකව බාගත කර විශ්ලේෂණය කරමින් පවතින බවයි.
ගුවන් යානයේ කළු පෙට්ටි – පියාසැරි දත්ත පටිගත කරන FDR සහ CVR අනතුරින් හානි වී ඇති අතර භාවිතා කළ හැකි දත්ත නැවත ලබා ගැනීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් හටගෙන තිබූ අතර පසුගිය සතියේ විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ රජයට අධිකරණ වෛද්‍ය දත්ත නිස්සාරණය සඳහා FDR සහ CVR එක්සත් ජනපදයට යැවිය හැකි බවයි.
කෙසේ වෙතත්, මේ වන විට ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය බිඳ වැටීම් ආරක්ෂණ මොඩියුලය හෙවත් CPM සහ මතක මොඩියුලය ආරක්ෂිතව පිටපත් කිරීමට සමත් වී ඇති අතර මේ වන විට දත්ත බාගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය අඟහරුවාදා ගුවන් යානය කඩා වැටුණු නේවාසිකාගාරයේ වහලයේ තිබී සහ සුන්බුන් වලින් සොයාගත් පෙට්ටි දෙකම දිල්ලියේ AAIB රසායනාගාරයට ආරක්ෂිතව ප්‍රවාහනය කළ බවයි ඉන්දීය රජය පැවසීය.
පළමු කළු පෙට්ටිය පස්වරු 2ට රසායනාගාරයට ළඟා වූ අතර. දෙවැන්න පස්වරු 5.15ට පමණ රසායනාගාරය වෙත ළඟා වුණා.
CVR දත්ත මගින් නියමු කුටියේ සංවාද, කාර්ය මණ්ඩල ප්‍රතිචාර සහ අවට ශබ්ද පිළිබඳව තොරතුරු ලබාගත හැකි අතර FDR තුළ, ගුවන් වේගය, පියාසැරි පාලන යෙදවුම් සහ එන්ජින් ක්‍රියාකාරිත්වය සම්බන්ධ දත්ත ග්‍රහණය කරගත හැකි බවයි වාර්තා වෙන්නේ.
“CVR සහ FDR දත්ත විශ්ලේෂණය කිරීම සිදුවෙමින් පවතින අතර මෙම උත්සාහයන් අනතුරට තුඩු දුන් සිදුවීම් අනුපිළිවෙල ප්‍රතිනිර්මාණය කිරීම සහ ගුවන් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා දායක වන සාධක හඳුනා ගැනීම අරමුණු කරන බවයි ඉන්දීය රජය පවසන්නේ.
මෙයින් අදහස් කරන්නේ එයාර් ඉන්දියාවේ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය ගුවන් ගත වී තත්පර 36 කට පසු කඩා වැටීමෙන් ගුවන් යානයේ සිටි පුද්ගලයින් 241 දෙනෙකු සහ බිම සිටි 34 දෙනෙකු මිය ගියේ මන්දැයි හේතුව සොයාගැනීම සඳහා ඉතා සමීපයට පැමිණ ඇති බවයි එම රජය පවසන්නේ.
දත්තවලට පිළිතුරු දිය හැකි ප්‍රධාන ප්‍රශ්න අතර කපිතාන් සබර්වාල් ඔහුගේ ආපදා ඇමතුමේදී පැවසුවේ කුමක්ද? නියමුගේ අවසාන පණිවිඩය පණිවිඩය යවන ලද්දේ කීයටද? යන ප්‍රශ්න අන්තර්ගත බව සඳහන්.
ප.ව. 1.39 ට ගුවන් යානය ගුවන් ගත වූ බව රජය තහවුරු කර ඇති අතර තත්පර තිස් හයකට පසුව එය කඩා වැටුණා.
ඒ වේදනාකාරී කෙටි කාලය තුළ සිදු වූයේ කුමක්ද? යන ප්‍රශ්නයටත් පිළිතුරු සෙවීම අරමුණයි.
11A හි වාඩි වී සිටි බ්‍රිතාන්‍ය-ඉන්දියානු ජාතිකයෙකු පමණක් බිහිසුණු අනතුරෙන් දිවි ගලවා ගත් අතර අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ.