අද (12) දින ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේදී මගීන් 242 දෙනෙකු රැගත් එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන්තොටුපළ අසලදී අනතුරට ලක්විය.
මෙම ගුවන් යානය අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන්කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර මේ වනවිට මෙම අනතුරින් මියගිය ගණන 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම ගුවන් යානය වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් මතට කඩා වැටීම හේතුවෙන් සෙසු මරණ සංඛ්‍යාව සිදුව ඇති අතර මියගිය අය අතර ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති විජේ රූපානි සිට ඇති බව වාර්තා වේ.