gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරිගණක දැනුමේ කප් ගහපු ලෙක්චර් – සරසවි වැසිකිළියේ කැමරා සවිකොට නිරුවත් දසුන් බලයි

විශ්ව විද්‍යාල වැසිකිළියෙහි කැමරා සවිකොට කථිකාචාර්යවරුන් හා කථිකාචාර්වරියන්ගේ නිරුවත් දසුන් ලබාගත් බව කියන කථිකාචාර්යවරයෙකු පන්නල පොලිස් අත්අඩංගුවෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලදුව එළැඹෙන 15 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන්නැයි වැඩ බැලූ මහේස්ත්‍රාත් බන්ධුල විජේසිංහ මහතා නියම කළේය.

එමෙන්ම පොලිසිය ඉකුත්(02)දා සැකකරු බී වාර්තාවක් මගින් ඉදිරිපත් කරමින් සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට කළ ඉල්ලීම අනුව බන්ධනාගාරය මගින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ මානසික සායනයට ඉදිරිපත් කර ඉදිරි දිනයේ වාර්තාවක් කැඳවන ලෙසද නියම කෙරිණ. වයඹ විශ්ව විද්‍යාලයේ ආහාර තාක්‍ෂණ හා පෝෂණ පීඨයේ කථිකාචාර්ය වරයෙකු ලෙසින් කටයුතු කරමින් සිටි 34 හැවිරිදි අයෙකු එලෙස රක්‍ෂිත බාරයට පත්විය.

මෙය කථිකාචාර්යවරියන් 7 දෙනෙකු හා සැකකරුද ඇතුලුව කථිකාචාර්යවරුන් 9 දෙනෙකු භාවිතා කරන වැසිකිළි පද්ධතියක් බවත් එහි මුහුණ සෝදන පිඟන් ගඩොල් බේසමේ යට කොටසේ විද්‍යුත් ආරෝපිතයන්ද සම්බන්ධ කර රහසිගත ලෙසින් සවිකොට තිබූ කුඩා කැමරාවක් සවිකොට තිබියදී කථිකාචාර්යවරියක් දැක පාලන අධීකාරියට දැනුම්දීමෙන් අනතුරුව පොලිසියට කළ දැනුම්දීමෙන් අනතුරුව සොයාගත් බවත් පොලිසිය සැකකරු බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.

තවද සැකකරුට අයත් ලැප්ටොප් පරිඝණක හා ජංගම දුරකථන නඩු භාණ්ඩ වශයෙන් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. එමෙන්ම සැකකරු අදාළ රහසිගත කැමරා සිදුවීම කථා බහට ලක්වීමත් සමගින් විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බවත් සැකකරු එසේ පලායාමේ අවධානමක් ඇති බවත් කියමින් පොලිසිය ඉල්ලා සිටියේ සැකකරු වෙනුවෙන් ඇප පිළිබඳ සලකා නොබලන ලෙසයි.

මෙහිදී මෙම නේවාසිකාගාර සංකීරණයේ මේ වනවිට කථිකාචාර්යවරුන් 9 දෙනකුම නේවාසිකව ඇති බවත් ඉන් 7 දෙනෙකෙුම කාන්තාවන් බවත් වින්දිත කථිකාචාර්ය පාර්ශවය වෙනුවෙන් කරුණු කී නීතිඥවරයා පෙන්වා දුන්නේය. එහිදීී එක් කථිකාචාර්යවරියක් මුහුණ සෝදන බේසම යටින් කලුපාට වයර් කැබැල්ලක් එල්ලෙමින් තිබෙනු දැක සැක සිතී සහෝදර කථිකාචාර්යවරියකට පැවසීමෙන් අනතුරුව කළ නිරීක්‍ෂණයේදී මෙය වයිෆයි සළකුණද සහිත ඉතා කුඩා ප්‍රමාණයේ අධි තාක්‍ෂණික කැමරාවක් බවට හඳුනාගෙන ඇති බවද අධිකරණයේ අවධානය යොමු කරවමින් ඒ අනුව පටිගතවන දසුන් වෙනත් ස්ථානයක ගබඩා වන බවට නිගමනය කළ බවත් මෙම වැසිකිළි පද්ධතිය එම කථිකාචාර්යවරුන්ගේ බාලවයස්කාර දරුවන්ද භාවිතා කරන බැවින් මෙම වීඩියෝ දසුන් වෙනත් තෙවැනි පාර්ශවයන් වෙත යාමේ අවධානමක්ද ඇතැයි නීතිඥ මහතා අධිකරණයට අවධාරණය කළේය. එමෙන්ම කැමරාව දැක ඒ පිළිබඳ සාකච්ඡාවට බඳුන් වීමත් සමගින් සැකකාර කථිකාචාර්යවරයා එම නේවාසිකාගාරයෙන් පිටව ගොස් තිබූ බවත් පාලන අධිකාරිය සමගින් සැකකාර කථිකාචාර්ය වරයාගේ ජීව දත්ත පත නිරීක්‍ෂණය කර ඇති අතර ඒ අනුව සැකකාර කථිකාචාර්යවරයා පරිඝණක හා ජාලකරණයේ කෙලපැමිණි අයෙකු බව සඳහන් බවත් වින්ධිතයින්ගේ හා ඔවුනගේ දරුවන් පිළිඳව තිබූ අනාගතය කෙරෙහි ඇති බිය ඒ හරහා දෙගුණ තෙගුණ වූ බවත් නීතිඥ මහතා අධිකරණයේ අවධානය යොමු කරවීය.

සැකකාර කථිකාචාර්යවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරු කියාසිටියේ මෙම සිදුවීම ඇප පනතේ වගන්ති ප්‍රකාරව ඇප නොදිය හැකි තත්වයක නොමැති බවත් ඉදිරියේ පවත්නා සියලු විමර්ශන සඳහා බලපෑම් නොකර පූර්ණ සහයෝගය දක්වන බවත් කියමින් සැකකරු වෙනුවෙන් ඇප ආයාචනා කර සිටියහ.

කෙසේ වෙතත් ඉදිරිපත්ව තිබූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ වැඩ බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප සම්බන්ධව මේ අවස්ථාවේ සලකා බැලිය නොහැකි බව සඳහන් කරමින් රිමාන්ඩ් බාරයට පත් කළේය. බී වාර්තාවකින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වින්ධිත කථිකාචාර්යවරුන් සියලුදෙනා අධිකරණයට පැමිණ තිබීම විශේෂත්වයකි. පන්නල පොලිසියේ නඩු මෙහෙයුම් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එම්.එල්. තිලකරත්න මහතා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර වින්දිත පාර්ශවය වෙනුවෙන් නීතිඥ අතුල ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka